සලාකසහායක සහ භෝජනාගාර පාලක දැනුම අලුත්කිරීමේ පාඨමාලාව නිමාවෙයි
8:02am on Thursday 26th March 2020
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි සත්කාරක කළමනාකරණ පාසල මගින් පවත්වන ලද සලාක සහායකයන්ගේ සහ භෝජනාගාර පාලකයින් සඳහා දැනුම අලුත් කිරීමේ දින 14 ක පාඨමාලාව 2020 පෙබරවාරි මස 26 වෙනි දින සිට මාර්තු මස 14 වෙනිදා දක්වා පැවැත්විණි. විවිධ ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් සලාක සහායකයින් සහ භොජනාගාර පාලකයින් 37 දෙනෙකු පාඨමාලාව සඳහා සහභාගී වූහ.

පාඨමාලාව අතරතුර පුහුණුවන්නන් මත්පැන් බාර් මෙහෙයුම්, කොක්ටේල් සෑදීම, ඊ-පාස් සමග ක‍්‍රියාත්මකවීම, රාතී‍්‍ර තේමාවන් සහ විවිධ ආහාර වට්ටෝරු සැකසීම පිළබඳ ප්‍රායෝගික සැසි සඳහා සහභාගී වූහ. පාසල තුළ ලබාගන්නා න්‍යායාත්මකදැනුම සහ පායෝගිකදැනුමට අමතරවය පුහුණුවන්නන් හට හබරණ ග‍්‍රීන් පැරඩයිස් හෝටලයේ පාඨමාලා සංචාරයක් සඳහා සහභාගී වීමටද අවස්ථාව සැලසිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි