අයි ඩී එච් රෝහලෙහි ඉදිකරමින් පවතින වාට්ටු සංකිර්නයේ ප‍්‍රගතිය
11:38am on Sunday 29th March 2020
කොවිඩ් 19 වෛරස ලංකාවේ පැතිරීම ඉහල යාමත් සමග උද්ගතව ඇති තත්වය හමුවේ අයි ඩී එච් රෝහලෙහි නිරෝධායන පහසුකම් පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාවෙන් ඉදිකරමින් පවතින වාට්ටු සංකිර්නයේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතී.

මෙම ඉදිකිරීම් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙසකට අනුව එතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මාර්තු 18 වන දින ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉංජිනේරු කණ්ඩායම විසින් පැය 24 පුරා අඛණ්ඩව සිදු කරනු ලබන ඉදිකිරීම් නිසා කාමර 16කින් යුතු වාට්ටු සංකීර්නය සති දෙකක කාලයට පෙර නිම කිරීමට අපේක්ෂා කෙරේ.

 

25.03.2020
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි