ශ්‍රී ලංකා ගුවන් හමුදා සීබීආර්එන්ඊ අංශය අඛණ්ඩව විෂබීජ නාශක මෙහෙයුම් සිදු කරයි
12:18pm on Sunday 29th March 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කඳවුරෙහි ස්ථපිත කොට ඇති රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (සීබීආර්එන්ඊ) අංශය දිවයිනේ විවිධ නගරවල විෂබීජ නාශක මෙහෙයුම් දිගටම සිදුකරගෙන යයි.

සීබීආර්එන්ඊ පක්ෂාංගයෙ හි අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරාගේ නායකත්වයෙන් දස දෙනෙකුගෙන් යුත් සීබීආර්එන්ඊ කණ්ඩායම පසුගිය මාර්තු 27 පහත සඳහන් ස්ථානවල විෂබීජ නාශක මෙහෙයුමක් සිදු කළේය.

අළුත්ගම දුම්රිය ස්ථානය
අළුත්ගම බස් නැවතුම
අළුත්ගම නගරය තුළ ඇති සියලුම බැංකු සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර
ශ්‍රී ලංකා රක්ෂණ සහයෝගීතාව
බෙරුවල රෝහල
බෙරුවල වෙළඳපොළ
බෙරුවල නගරය තුළ ඇති සියලුම බැංකු සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර
බෙරුවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
බෙරුවල නගරය තුළ ඇති සියලුම ඉන්ධන ස්ථාන
මග්ගොන ලංකා සතෝසා ශාඛාව
මග්ගොන නගරය තුළ ඇති සියලුම ඉන්ධන ස්ථාන
මග්ගොන වෙළඳපොළ
මග්ගොන දුම්රිය ස්ථානය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි