ගුවන් හමුදාව කොළඹ මහ නගර සභාව සමග එක්ව අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර බෙදාදෙයි
1:57pm on Sunday 12th April 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ මහ නගර සභාව සමගින් එක්ව කොළඹ දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 50,000 ක් සඳහා වියළි ආහාර බෙදා දීමේ වැඩසටහන 2020 මාර්තු මස 31 වන දින ආරම්භ කරන ලදී. කොළඹ මහ නගර සභාව විසින් හඳුනාගෙන ඉදිරිපත් කරනු ලබන අඩු ආදායම් ලාභී පවුල් ලැයිස්තුවකට අනුව ගුවන් හමුදාව විසින් ක‍්‍රමවත්ව මෙම ආහාර පාර්සල් බෙදා දීම සිදු කරනු ලබයි.

බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ගුවන් හමුදාව වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස්මත ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂකය මගින් සියළුම බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ගුවන් භටයින් යොමුකොට ඇත.

දින තුනක් පුරා ක‍්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන ඊයේ ආරම්භ වුණු අතර හෙට දිනයේදීත් පැවැත්විමට නියමිත වෙයි. සහල් කිලෝ 10, සීනි, පරිප්පු, පාන්පිටි, තේකුඩු, සැමන් ටින්, යහපොෂ සහ සබන් මෙම පාර්සලයක අඩංගු වෙයි.

මෙම මෙහෙයුම සඳහා රත්මලාන, කටුනායක ගුවන් හමුදා කඳවුරු සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල නියෝජනය කරමින් නිළධාරීන් 10 දෙනෙකු යටතේ ගුවන් භටයින් 200 ක්පමණ යොදවා තිබේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි