ගුවන් හමුදාව මගින් දුම්රිය ස්ථාන විෂබීජහරණයට ලක්කරයි
6:32pm on Saturday 16th May 2020
ලොව පුරා උද්ගතවී ඇති කොවිඞ් - 19 වසංගත තත්වය හමුවේ ශ‍්‍රී ලංකාව පුරා පැවති ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව, නැවතී තිබුණු ගමනා ගමන කටයුතු නැවත යථා තත්වයට පත්වෙමින් තිබේ.

නමුත්, ගමනා ගමනය ආරම්භ කිරීමත් සමග කොවිඞ්-19 වසංගතය නැවත ව්‍යාප්ත වීම වැලැක්වීම අරමුණු කොටගෙන රජය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි දුම්රිය ස්ථාන විෂබීජහරණය කිරීම ගුවන් හමුදාව මගින් සිදුකරනු ලබයි.

ඒ අනුව, ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය විසින් රාගම සිට හලාවත දක්වා වූ දුම්රිය ස්ථාන 29ක් 2020 මැයි මස 10 වෙනි දින සිට දිනපතා විෂබීජහරණය කිරීම සිදුකරනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි