ගුවන් හමුදා අංක 2 තොරතුරු තාක්‍ෂණ පක්‍ෂාංගය සිය පළමු සංවත්සරය සමරයි
10:05am on Tuesday 26th May 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ ස්ථාපිත අංක 2 තොරතුරු තාක්‍ෂණ පක්‍ෂාංගය සිය පළමු සංවත්සරය 2020 මැයි මස 17 වන දින ඉතා චාම් අන්දමින් සමරන ලදී. සංවත්සරය සමරමින්, ඒකල වෘත්තීය පුහුණු පාසල අවට පදිංචි මේ දින වල උද්ගත වී ඇති කොව්ඩි-19 වසංගත තත්වය හමුවේ අසරණ භාවයට පත්ව ඇති ජනතාව වෙත වියලි ආහාර පාර්සල් බෙදා දීම සිදු කරන ලදී.

වෘත්තීය පුහුණු පාසාල් අණදෙන නිලධාරීතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය හා මගපෙන්වීම යටතේ කඳවුරේ සියළුම සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් මෙම වියළ් ආහාර පාර්සල් සකස් කරගන්නා ලද අතර එම පාර්සල් ජනතාව වෙත බෙදා දීම සියළුම නිළධාරීන් සහ සෙසු නිළයන් නියෝජනය කරමින් ඉතා සීමත පුරිසක් විසින් සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි