සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේ පාඨමාලා සහතික ප‍්‍රදානය කෙරේ
10:46am on Wednesday 27th May 2020
ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂ එයාර්  වයිස් මාර්ෂල් ඩබ්එම්කේඑස්පී වීරසිංහ මහතාගේ උපදේෂකත්වය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් චින්තක අල්විස්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලද සලාක සහායක උසස් පාඨමාලාව සහ භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාවන් හි සහතික පත් ප‍්‍රදානය කිරීම 2020 මැයි මස 21 වන දින සීගිරිය ගුවන් හමුදා සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 2 සැපයුම් හා නඩත්ත්ු ඩිපෝවේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මලින්ද මෙන්ඩිස් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.  කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස්, සත්කාරක කළමනාකරණ පාසලේ ප්‍රධාන උපදේශක වින්ග් කමාන්ඩර් බුද්ධික කුලරත්න, නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වෘත්තීන්හි මාස හතරක පමණ කාළයක් මුළුල්ලේ ඔස්සේ පාඨමාලාව සාර්ථකව හැදෑරූ සලාක සහායක සහ භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාවන් හැදෑරූ ගුවන් භටයින් මෙහිදී සහතික පත් ලබා ගන්නා ලදී.

භෝජනාගාර භාරකාරු උසස් පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් භට සමන් කුමාර එම් සහ සලාක සහායක උසස් පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් භට නිලංග කේඑල්ඩබ්ලියුජීආර් විසින් දිනා ගන්නා ලදී.

මෙහිදී පළමු වතාවට තවත් සම්මාන ද්විත්වයක් ප‍්‍රදානය කරන ලදී.

සලාක සහායක උසස් පාඨමාලාවේ හොඳම සූපශාස්ත‍්‍ර නිර්මාණකරු සඳහා පිරිනැමෙන ප‍්‍රධාන උපදේශක අභියෝගතා කුසලානය නායක ගුවන් භට සංජය ඩීඑච්ඒ විසින් හිමිකර ගත් අතර භෝජනාගාර භාරකාරු උසස් පාඨමාලාවේ හොඳම බාර්ටෙන්ඩර් සඳහා පිරිනැමෙන ප‍්‍රධාන උපදේශක අභියෝගතා කුසලානය නායක ගුවන් භට හර්ෂන කුමාර කේ විසින් හිමිකර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි