අචිර එරංගගේ ශතකය ගුවන් හමුදාවට ජය කැන්දයි
5:19pm on Monday 3rd January 2011
පසුගියදා වැලිසරදී පැවති ප්‍රිමියර් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් ප්‍රබල නාවික හමුදාව කඩුළු 09 න් පරාජයට පත් කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් නාවිකයින්ට පන්දුවාර 49 දී සියළුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 171 පමනි. එහිදී නාවික හමුදාව වෙනුවෙන් උදාර ජයසුන්දර ලකුණු 42 ද, අනුර වැගොඩපොල නොදැවී ලකුණු 39 ද රැස්කල අතර ගුවන් හමුදාව වෙනුවෙන් පිට දග පන්දු යවන ඇන්ජලෝ එමානුවෙල් හා වමතින් පා දග අන්දු යවන අකිල ඉසංක කඩුළු 02 බැගින් දවාලීමට සමත් විය.

ගුවන් හමුදා ආරම්භක දකුනත් පිතිකරු අචිර එරංග නොදැවී රැස්කල ශතකය ගුවන් හමුදාවේ ජයග්‍රහනයේ අඩිතාලම වූ අතර අචිර එරංග හා ඇන්ජලෝ එමානුවෙල් (56 නොදැවී) සමග එක්ව දෙවන කඩුල්ල සදහා නොබිදුනු ලකුණු 158 සබදතාවයක් ගොඩනගන ලදී.තවද පන්දුවාර35 තුලදී තරගය ජයග්‍රහනය කිරීම මත ප්‍රසාද ලකුණු ලබා ගැඊමට සමත් විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි