ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
3:38pm on Tuesday 30th June 2020
වසර 34 කට වැඩි කාලයක් රට ජාතිය හා ගුවන් හමුදාව වෙනුවෙන්  කැපවීමෙන් සේවය කළ එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙමින් 2020 ජුනි 27 දින සේවයෙන් විශ‍්‍රාම යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයක් මත එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා හට 2020 ජූනි මස 26 වන දින සිය කාර්යාලයේදී නිල සමුගැනීමක් ලබාදෙන ලදී. එහිදී විශේෂයෙන් ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කරන ලද කැපවීමෙන් හා විශිෂ්ට සේවාව පිළිබඳව ගුවන් හමුදාධිපතිවරයා එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා හට සිය ස්තුතිපූර්වක ප‍්‍රශංසාව පිරිනැමුවේය. මෙම අවස්ථාව  සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහ එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා සමරු සිහිවටන හුවමාරුවක් සිදුකරගත් අතර ඉන් අනතුරුව එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා හට හමුදා මූලස්ථානයේදී වර්ණ පක්ෂාංගය විසින්  ගෞරව සම්මානයක්ද පිරිනමන ලදී.

මහනුවර ප‍්‍රදේශයෙන් ලක්මාතාවට දායාද කල එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයෙන් ප‍්‍රාථමික සහ ද්විතීයික අද්‍යාපනය හැදෑරූ අතර 1985 ජූලි 03 වන දින කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ අතර 1987 ජනවාරි 01 වන දින නියමු නිලධාරියෙකු ලෙස නියමු පොදු රාජකාරී ශාඛාවෙහි සේවයට එක්විය.

එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා චීනයේ බීජිංහි කීර්තිමත් මහජන විමුක්ති හමුදාවෙහි ජාතික ආරක්‍ෂක විශ්වවිධ්‍යාලයෙන්  උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපායමාර්ගික කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. එයාර් වයිස් මාෂල් කොටකදේනිය මහතා සිය වෘත්තීය ජීවිතය තුළ දේශීය හා විදේශීය විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා සහභාගී වී ඇත.

වසර 35 ක් පමණ වූ ඔහුගේ ගුවන් හමුදාවේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ විවිධ මාණ්ඩලික හා අණදෙන නිළධාරී තනතුරු හෙබවූ අතර මාණ්ඩලික නිළධාරී ගුවන් මෙහෙයුම් 1, ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිළධාරී (ගුවන්* ,  ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ ගුවන් පක්‍ෂාංගයේ ප‍්‍රධාන උපදේශක සහ අංක 7 බලඝණයේ අණදෙන නිලධාරී තනතුරෙහි රාජකාරීන් සිදු කරන ලදී.

ඒ සියල්ලටම අමතරව,ගුවන් හමුදා ඉතිහාසයේ ගුවන් හමුදා විද්‍යාපීඨ ඇතුළුව මූලික කඳවුරු හයෙහිම අණදෙන නිළධාරී තනතුර හෙබවූ පළමු නිලධාරියාද මොහු වෙයි. එසේම පියාසර පැය 5000 කට අධික ප‍්‍රමාණයක් පියාසර කල ඉහල පිළිගැනීමක් සහිත ප‍්‍රභූ ප‍්‍රවාහන නියමුවෙකුද වෙයි. එසේම ඔහු ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක සහ ගුවන් බුද්ධි තොරතුරු අද්‍යක්‍ෂක සහ සර් ජෝන් කොත.ලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පීඨෘධිපති ධූරයේ රාජකාරීන් සිදු කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා මානුෂීය මෙහෙයුමේදී මෙහෙයුම් අණදෙන නිළධාරී සහ මෙහෙයුම් නියමුවෙකු වශයෙන් සේවය කරන ලදී. ඔහුගේ කීර්තිමත් හමුදා ජීවිතය තුළ වීර වික‍්‍රම විබූෂණය, රණ වික‍්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම හිමිකරගෙන ඇත. ඊට අමතරව විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම සහ තිවිධ හමුදා දීර්ඝ සේවා පදක්කම සහ සන්ධාරය හිමිකරගෙන තිබේ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි