ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෝටරථ ධාවකයින්ගේ සංචිතය මගින් සේවා වනිතා ඒකකය වෙත මූල්‍ය පරිත්‍යාගයක්
7:42pm on Wednesday 15th July 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෝටරථ ධාවකයින්ගේ සංචිතය මගින් පසුගිය ජූලි මස 08 දින රුපිියල් ලක්ෂ 52 පමණ මුදලක් සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කිරීම සේවා වනිතා ඒකකයේදී මෝටරථ ධාවකයින්ගේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝ හේමන්ත සොයිසා මහතා අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය වෙත ප‍්‍රධානය කිරීම සිදුකරණ ලදී. මෙම මූල්‍ය පරිත්‍යාගයන් 2019 රොතර්හැම් මෝටරථ තරගාවලිය මගින් උපයා ගත් මුදල් වන අතර මේවා සේව වනිතා ඒකකය මගින් සිදුකරණු ලබන රණවිරු නිවාස ඉදිකිරීමේ අරමුදල වෙත යොමුකරනු ලැබේ.

මෙම අවස්ථව සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෝටරථ ධාවකයින්ගේ සංචිතයේ ලේකම් වින්ග් කමාන්ඩර් මාලිංග සිල්වා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් වින්ග් කමාන්ඩර් ගයත්‍රි ඒකනායක මහත්මිය ඇතුළූ සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි