අංක 5 ප‍්‍රහාරක බලඝණයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කෙරේ
9:14am on Saturday 1st August 2020
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත අංක 5 ප‍්‍රහාරක බලඝණයේ අළුතින් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණය විවෘත කිරීම 2020 ජූලි මස 23 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

දේශයේ සාමය සුරක්‍ෂිත කරලීම උදෙසා 1991 වර්ෂයේ සිට අද දක්වා පුරා වසර 29 ක අභිමානවත් සේවාවක් මාතෘ භූමිය වෙනුවෙන් නිරන්තරයෙන් ඉටුකරලීමට මෙම බලඝණය ක‍්‍රියා කොට තිබේ. අංක 5 බලඝණය ශ්‍රී ලංකාවේ පෙරටුගාමී ගුවන් ආරක්ෂක බළකාය ලෙස සිය වගකීම ඉටුකරනු ලබන අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රහාරක නියමුවන්ගේ තිඹිරිගෙය වශයෙන්ද මෙම බලඝණය හැඳින්වෙයි.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ අංක 5 බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රොෂාන් පෙරේරා ගේ  සම්බන්ධීකරණයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙම සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම කාර්යාල සංකීර්ණය බලඝණයේ පරිපාලනමය කාර්යයන් ඉහළ කාර්යක්‍ෂමතාවයකින් යුතුව ඉටු කිරීමට මෙන්ම ඉතා නිවැරදි හා විධිමත් ආකාරයකින් පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයයි. මෙම නව කාර්යාල සංකීර්ණය ”හෝම් ඔෆ් ඩ්‍රොන්ගෝස්” යනුවෙන්ද නම් කර ඇත.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නීළධාරී, කටුනායක ගුවන් හමුදා කඳවුරේ පක්‍ෂාංගයන්හි අණදෙන නිලධාරීන්, අංක 5 බලඝණයේ නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි