ගුවන් හමුදා සරඹ උපදේශකයින් ”වයිට් බෙල්ට්” සරඹ උපදේශකයින් ලෙස සුදුසුකම් ලබයි
11:34am on Wednesday 26th August 2020
සරඹ යනු ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ හමුදාවන්හි ප්‍රධානම වූ උත්සව අංගයකි. ප්‍රංශයේ බැස්ටයිල් දිනයේ විචිත්‍රවත් පෙළපාළිවල සිට බ්‍රිතාන්‍ය හමුදා වර්ණ පෙළපාලි දක්වා විනයගරුක මිලිටරි සරඹය ඉදිරිපත් කිරීම මිනිසුන්ගේ සිත් ඇද බැඳ තබා ඇත. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුවද කීර්්තිමත් සරඹ ඉතිහාසයක් ඇත. ගුවන් හමුදා සරඹ උපදේශකයින් ඉන්දියාවේ සහ බංගලාදේශයේ සිය විදේශ පුහුණුව  සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ”වයිට් බෙල්ට්” සරඹ උපදේශකයින් ලෙස 2020 අගෝස්තු මස 06 වන දින සුදුසුකම් ලැබීය. මෙම සරඹ උපදේශකයින් සිය නිල ඇඳුමට ”වයිට් බෙල්ට්” පැළඳීමට සාඩම්බරයෙන් හිමිකම් කියනු ලබන්නේ 2018 වර්ෂයේ සිට මේ දක්වා කිසිදු ”වයිට් බෙල්ට්” සරඹ උපදේශකයෙකු නොමැති අවධියක වීම විශේෂත්වයකි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදේශකත්වය මත ගුවන් හමුදා භූමි මෙහෙයුම් අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ලෙනාඩ් රොද‍්‍රිගු මහතාගේ මගපෙන්වීම යටතේ සැරයන් වරු සිව්දෙනෙක් සහ කෝප‍්‍රල් වරයෙකු ගුවන් හමුදාවේ ”වයිට් බෙල්ට්” සරඹ උපදේශකයිගේ අවශ්‍යකතාවය සපිරීම පිණිස ඉන්දියවේ සහ බංගලාදේශයේ සරඹ උපදේශක පුහුණුවීම් සඳහා යොමු කරන ලදී.

මෙම දුර්ලභ අවස්ථාව සඳහා තෝරා ගනු ලැබුවේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පවත්වන ලද දේශීය සරඹ උපදේශක පාඨමාලාවේදී කාර්ය සාධනයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ගුවන් භටයින් අතරිනි. සැරයන් බණ්ඩාර එස්ජීඩබ්කේ, සැරයන් ජයරත්න,සැරයන් කුමාර ආර්එම්ඒ, සැරයන් පි‍්‍රයරත්න ආර්ඩීඑන් සහ කෝප‍්‍රල් හේරත් එච්එම්එස්බී යන සරඹ උපදේශකයින් පස්දෙනා මෙලෙස ”වයිට් බෙල්ට්” සරඹ උපදේශකයින් ලෙස සුදුසුකම් ලැබීය.

මෙම සරඹ උපදේශකයින් අතරින් තිදෙනෙකු චිතගොන්හි බංගලාදේශ ගුවන් හමුදා විද්‍යාපීටයේදීද  අනෙකුත් දෙදෙනා දෙහ්රාදූන් හි ඉන්දීය ගුවන් හමුදා විද්‍යාපීඨයේදීද සිය පුහුණු වීම් සිදු කරන ලදී. ඉන්දීය පාඨමාලාව වැඩකරන දින 48 ක් ද බංගලාදේශ පාඨමාලාව මාස 9 ක ගකාලයක්ද පැවැත්විණි.මෙහිදී සැරයන් කුමාර ආර්එම්ඒ ඉන්දීය පාඨමාලාව හදාරමින් එහිදී දක්‍ෂතම සරඹ, දක්‍ෂතම ශිෂ්‍යයා  සහ සෑම අතින්ම දක්‍ෂ විදේශ හිෂ්‍යයා වශයෙන් සුදුසුකම් ලැබීය.

මෙම සරඹ උපදේශකින් ගුවන් හමුදා මූලස්ථානය, චීනවරාය විද්‍යාපීඨය, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරහි පත්වීම සඳහා යොමුකරන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි