2020 ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණයන් පලාලි කඳවුරේ පරීක්‍ෂණයෙන් ඇරඹේ
8:16pm on Thursday 27th August 2020
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ 2020 වසරේ ගුවන් හමුදාධිපතිතුමාගේ  පරීක්‍ෂණ මාලාවේ පළමු පරීක්‍ෂණය 2020 අගෝස්තු මස 13 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරු පරීක්‍ෂණයෙන් ආරම්භ විය.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරීශ‍්‍රයට පිළිගැනීම වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ආර් ද සොයිසා විසින් සිදුකරන ලද අතර ගුවන් හමුදාධිපතිතුමන් වෙත ගුවන් හමුදාධිපති උත්තමාචාර පුදකිරීමක්ද සිදුකරන ලදී.

ගුවන් හමුදාධිපතිතුම්න් සිය පරීක්‍ෂණය කඳවුරු මූලස්ථානයෙන් ආරම්භ කරන ලද අතර අනතුරුව කඳවුරේ සියළුම ස්ථානයන් සිය පරීක්‍සණයට භාජනය කරන ලදී. පරීක්‍ෂණය අවසානයේදී කඳවුරේ සියළුම සාමාජික සාමාජිකාවන් ඇමතූ ගුවන් හමුදාධිපතිතුමන් සියළුම දෙනා හට සුභපතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි