ගිනි නිවීමේ පුනරුත්ථාපන පාඨමාලාවේ සහතිකපත‍්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය
8:30pm on Thursday 27th August 2020
ගිනි නිවීමේ පුනුරුත්තාපන පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රදානය 2020 අගෝස්තු 18 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගිනි නිවාරණ පුහුණු පාසල සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණයේදී පැවැත්විණි.

කටුනායක ගුවන් හමුදා කඳවුරු ගිනි නිවාරණ පුහුණු පාසල සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒකේඩබ් ලක්‍ෂ්මන් සහ ‍්‍රධාන උපදේශක ස්කොඩ්රන් ලීඩර් එච්කේඒ ද අල්විස්, නිලධාරීන්, උපදේශකයින් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම පාඨමාලාව වැඩකරන දින 45 ක කාලයක් පවත්වන ලද අතර ගෘහස්ථ ගිනි නිවීම් සහ බේරාගැනීම්, ගිනි නිවීමේ උපකරණ, ගිනි ආරක්ෂණ පද්ධති, ගිනි වැළැක්වීම සහ තුවාලකරුවන් ප‍්‍රවාහනය යන ක්‍ෂේත‍්‍රයන් කෙරෙහි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි