ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
8:15am on Wednesday 2nd September 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක්  කෝප‍්‍රල් කිත්සිරි ජී හට ප‍්‍රදානය කිරීම  2020 අගෝසතු මස 19 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පානදුර දී සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා රත්මලාන කඳවුරු ගුවන් පථ ඉදිකිරීමේ  පක්‍ෂාංග මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි