ගුවන් හමුදාවේ නව අංශයක් විවෘත කෙරේ
9:33am on Wednesday 5th January 2011
ගුවන් හමුදා උපකරණ සැපයුම් හා ගිණුම්කරණ ඒකකය එක්ව නව අංශයක් ලෙස ක්‍රියාත්මක වීමේ ආරම්භක උත්සවය 2011 ජනවාරි පලමුවනදා කටුනායක කඳවුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උත්සවයට කඳවුරු අණදෙන නිළධාරි සී.ආර්.ගුරුසිංහ, නව ඒකකයේ ප්‍රථම අණදෙන නිළධාරිවරයා සහ වින් කමාන්ඩර් කේ.ආර්. එරමුදුගල්ල ඇතුළු තවත් නිළධාරිහු රැසක් සහභාගි විය.
 
මෙම නව අංශය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ සංකල්පයක් අනුව මෙම ඒකකය නිර්මාණය කරන ලදී. තවද මෙම දුෂ්කර කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ගුවන් හමුදා උප මාණඩලික ප්‍රධානි සහ වැඩ බලන අධ්‍යක්ෂ සැපයුම් එයා වයිස් මාර්ෂල් එච්.ඩී.අබේවික්‍රමගේ මාර්ගෝපදේශකත්වයද නිරතුරුවම හිමි විය.   


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි