ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර
7:32am on Thursday 3rd September 2020
මැදපෙරදිග සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 67 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර 2020 අගෝස්තු මස 26 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.

ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුලු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු ඔවුන් නිවෙස් කරා පිටත්කර හරින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි