චීනවරාය ගුවන් හමුදා කඳවුරු අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල 20 වන සංවත්සරය සමරයි
3:14pm on Tuesday 15th September 2020
චීනවරාය ගුවන් හමුදා කඳවුරු අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල සිය 20 වන සංවත්සරය 2020 සැප්තැම්බර් මස 01 ව දින සමරන ලදී. පාසල් අණදෙන නිළධාරී ස්කොඩ්‍රරන් ලීඩර් එම්ටීඑම්  සෆ්රාස් මහතාගේ මගපෙන්වීම යටතේ සංවත්සරය සමරමින් විවිධ වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කරන ලදී.

සංවත්සරයට සමගාමීව නාච්චිකඩුව සමුද‍්‍රාසන්න් විහාරය, ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය, ”ශාන්ත” අලීම් අප්පා ජුම්මන් ඉස්ලාම් දේවස්ථානය සහ චීනවරාය ශ‍්‍රී ගණපති කෝවිල සහ අවට පිරිසිදු කිරීමේ ප‍්‍රජාසත්කාරක වැඩසටහන් මාලාවක් 2020 අගෝස්තු මස 25 වන දින ක‍්‍රියාත්මක කරන ලදී. එසේම 2020 අගෝස්තු මස 22 වන දින චීනවරාය විද්‍යාපීඨ ක‍්‍රීඩාංගනයේදී ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.

සංවත්සර දින පුහුණු පාසලේ නිළධාරීණ්,කාර්යමණ්ඩලය සහ පුහුණුවන්නන් අමතා පාසල් අණදෙනෙ නිලධාරීතුමන් විසින් කළමනාකරණ පාසල පිහිටිුවීවේ අරමුණු සහ පාසලේ අරමුණ පැහැදිලි කරන ලදී. අවසානයේදී පාසලේ කාර්ය මණ්ඩලයට සහ පුහුණුවන්නන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සිය සුභාශිංසන එක්කරන ලදී.

සංවත්සරයට සමගාමීව අණදෙන නිළධාරීතුමන්, කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන්ගේ සහභාගීත්වයෙන් පාසල් දේශන ශාලවේදී දානමන පුණ්‍යකර්මයක් ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි