ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
12:18pm on Friday 18th September 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක් බලපංති සැරයන් ජයසේන ඩබ්ලිව්ඩීජී හට ප‍්‍රදානය කිරීම  2020 සැප්තැම්බර් මස 11 වන දින සේවා වන්තා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් නුවර බොක්කාවල ප‍්‍රදේශයේදි සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර සීගිරිය ගුවන් හමුදා කඳවුරු වැඩසේවා අංශය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩී කළුබෝවිල නිළධාරිතුමන් ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි