රේඩාර් නඩත්තු පක්ෂාංගය එහි 11 වන සංවත්සරය සමරයි
12:08pm on Monday 5th October 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය සිය 11 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 20 දින සමරනු ලැබීය.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව කටාෙන් මෙත්සුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී ශ්‍රමධාන ව්‍යාපාරයක් සහ දානමය වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට රේඩාර් නඩත්තු අංශයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අාසිරි ඇලේගොඩ මහතා ඇතුළු නිලධාරීන් සහ අංශයේ සියලුම කාර්ය මණ්ඩලය සහභාගී විය. සංවත්සර දින වැඩමුළුවට අමතරව පක්ෂාංග පරිශ්‍රයේ දී පෙළපාලියක් පවත්වන ලද අතර එය අණදෙන නිලධාරී තුමන් විසින් පරීක්ෂා  කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි