මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලෙහි පුද්ගල බේරා ගැනීමේ මෙහෙයුමට ගුවන් හමුදා සහාය
12:10pm on Monday 5th October 2020
මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලට යටවී සිටි පිරිස් බේරාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී දලදා මාලිගාවට අනුයුක්ත ගුවන් හමුදා ගිනි නිවන භටයන් 2020 සැප්තැම්බර් 20 උදෑසන සිය දායකත්වය ලබාදෙන ලදී.

ශ‍්‍රී දළදා මාලිගාවේ ස්ථාපිත කොට ඇති ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ ගිනි නිවීමේ භටයින් 5 දෙනෙකු මෙම කාර්යය සඳහා යුධ හමුදා කණ්ඩායම් සඳහා සහය දැක්වීම පිණිස යොදවන ලදී. බූවැලිකඩ,සංඝමිත්තා මාවතෙහි පිහිටි මෙම ගොඩනැගිල්ල 2020ග09ග20 වන දින උදෑසන 5.00 ට පමණ කඩාවැටීමට ලක්වී තිබිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි