අංක 07 හෙලිකොප්ටර් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි
8:38am on Tuesday 6th October 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණය 2020 සැප්තැම්බර් මස 23 වන දින 26 වන සංවත්සරය සමරනු ලැබීය. අංක 07 හෙලිකොප්ටර් බලඝනය හෙලිකොප්ටර් නියමුවන්ගේ තොටිල්ල ලෙස හදුන්වන අතර බෙල් 212 සහ බෙල් 206 ගුවන් යානා සමගින් 1994 සැප්තැම්බර් මස 23 වන දින අංක 401 බලඝනය ලෙස ආරම්භ කරන ලද මෙම බලඝනය 1996 මාර්තු මස 23 වන දින අංක 07 බලඝනය ලෙස නම් කරන ලදී.

අංක 07 බලඝනයේ ආරම්භයේ සිටම ගුවනේ පියාසර කරමින් දිවි රූ වෙහෙසෙමින් යුද්ධය නිමා කිරිමටත් සාමය ආරක්ෂා කිරීමටත් ඉමහත් දායකත්වයක් ලබා දුන් අතර එය ප්‍රාථමික හා ද්විතීයික නියමු පුහුණුවල ගුවන් තුවක්කුකරුවන්ගේ පුහුණුව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා යුද අභ්‍යාස පුහුණුව සහ ගුවන් යානා නඩත්තු පුහුණුව සඳහා පුහුණු බළකායක් ලෙස කටයුතු කරන ලදී මානුෂීය මෙහෙයුමේදී අංක 7 බලඝණය ලබා දුන් සහයෝගය අසමසම වූ අතර ජාතික වියසන කාලවලදී සිවිල් වැසියන්ට සහයෝගය දැක්වීමේදී එය සැමවිටම මූලිකව කටයුතු කරන ලදීගඑමගින් ජාතියට කළ විශිෂ්ට සේවය වෙනුවෙන් අංක 7 බලඝණයට මේ වසරේ ජනාධිපති වර්ණ පිරිනමන ලදිග

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින වැඩ පෙළපාලිය කඳවුරු සරඹ පිටියේදී අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සමීර ගුණවර්ධන මහතා පරීක්ෂනයට ලක්කල අතර එය  නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ. එහිදී පෙළපාලිය අවසානයේ බලඝණයේ අණදෙන නිළධාරීතුමන් සියලුම දෙනා අමතමින් බලඝණය නගා සිටුවීම සඳහා දායකත්වය දැක්වීම වෙනුවෙන් සියලු දෙනාට ඔහුගේ අවංක ස්තුතිය පළකල අතර බලඝණයේ සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට සුබ ප්‍රර්ථනා කළේය.

පෙළපාළියෙන් පසුව සුහද ක්‍රිකට් තරගාවලියක් පැවති අතර එය කඳවුරු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් දම්මික ඩයස් මහතා සහභාගී විය.

26 වන සංවත්සරයට සමගාමීව ප්‍රජා සේවා ව්‍යාපෘති ගණනාවක් සිදු කළ අතර  මීට අමතරවල හින්ගුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ  දී බෝධි පූජා වැඩසටහනක් සංවිධානය කරන ලද අතර අතීත සහ වර්තමාන සාමාජිකයින්ගේ යහපැවැත්ම උදෙසා ආශිර්වාද සිදු කිරීමක් මෙහිදී සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි