කොග්ගල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
4:51pm on Monday 12th October 2020
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2020 සැප්තැම්බර් මස 23 වන දින සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී  ගඃඃප් කැප්ටන් එම්පීඒ ගලප්පත්ති  විසින් ගුවන් හමුදාධීපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලද අතර මාර්ගපෙළ ඛණ්ඩයක්මගින් ගුවන් හමුදාධිපතිතුමන් හට ආචාර දක්වනලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, කඳවුරු බලලත් නිළධාරීවරයාගේ කාර්යාල්ය, බලලත් නිළධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නිවස්නය, වෛද්‍ය අංශය, ගුවන් භට ගුවන් කාන්තා භෙෘ්ජනාගාරය සහ සමාජ ශාලාවන්, කෝප‍්‍රල්වරුන්ගේ සමාජ ශාලාව, ගිනි නිවීමේ අංශය, මොටර් රථ ප‍්‍රවාහන අංශය, ඊගල්ස් කැටලිනා ගෝෆ් ක‍්‍රීඩාංගනය, නිවාඩු නිකේතන, කැටලිනා ග‍්‍රිල් අවන්හල, කෘෂී ඒකකය, නිළධාරී නිවස්නකය ඇතුළු කඳවුරෙහි සියළුම ස්ථාන සිය නිරීක්ෂනයට ලක් කරන ලදී. එසේම මෙහිදී,  

බලපංති සැරයන් කුමාර ඩබ්ලිව්ජීජේආර්
සැරයන් ධර්මප‍්‍රිය එම්සී
කෝ්ප‍්‍රල් දිසානායක ඩීඑම්ආර්
කෝප‍්‍රල් ධනපාල ඩීකේඑස්එස්

යන අයවලුන් විසින් කඳවුර වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි