රන්දෙණිගල රක්‍ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහාය
10:42am on Sunday 18th October 2020
රන්දෙණිගල රක්‍ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහායආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව රන්දෙණිගල රක්‍ෂිතයේ හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 7 හෙලිකොප්ටර් බලඝණයට අයත් බැම්බි බකට් උපකරණය සවිකරගත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් 2020 සැප්තැම්බර්් මස 30 වන දින පිටත් කර හරින ලදී.

අංක 07 බලඝණය මගින් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානාව ඉතා ඉක්මනින් බම්බි බකට් මෙහෙයුම සඳහා පිටක් කරන හරින ලදී. මෙම මෙහෙයුමට සම්බන්ධ වූ බෙල් 212 හෙලිකොප්ටර් යානාවේ ප‍්‍රධාන නියමුවා ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සුදාර අමරදේව කටයුතු කරන ලද අතර ෆ්ලයිං ඔෆිසර් එරංගඒකනායක සහායක නියමුවා ලෙසත් කටයුතු කරන ලදී.

එහිදී හෙලිකොප්ටර් යානාව නැවත පැමිණීමට පෙර බැම්බි බකට් මෙහෙයුම් 36 ක් පමන සිදුකරණ ලද අතර එමගින් ජලලීටර් 32800 ක් පමණ ගින්න නිවීම සඳහා ඉසිනලදී.
 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි