2020 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්
10:48am on Sunday 18th October 2020
කඳුරට වෙඩිතැබීමේ ක‍්‍රීඩා සමාජය මගින් සංවිධානය කරණ ලද 2020 ෂඡුීක්‍ විවෘත වෙඩි තැබිමේ ශූරතාව 2020 ඔක්තෝම්බර් මස 02 සහ 03 යන දෙදින පුරා නුවර හන්තාන වෙඩිපිටියේදී  පැවැත්විණි. IPSC Sharp  shooter Championship 2020 යනු අන්තර්ජාතිකව පිළිගත් lll වන මට්ටමේ තරඟාවළියක් වන අතර එමගින් 2021 වර්ෂයේ ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරඟාවලීන්හිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදීමට ජාතික තරලයේ වෙඩික්කරුවන් තෝරා ගැනීමේ එක් පුහුණු තරඟාවළියක්ද වෙයි. වෙඩිතැබීමේ කණ්ඩායම් 16 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 183 කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරඟාවලිය සදහා යුධ, නාවික හා පොලිස් යන කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක්ද සහභාගී වූහ.

මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමිින් එක් නිළධාරියෙකු, ගුවන් භටයින් 14 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් 05 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර එහිදී කාණ්ඩ තුනක් යටතේ තරඟ ඉසව් 27 කට සහභාගී වෙමින් රන් පදක්කම් 11, රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් දිනා ගැනීමට සමත් වූහ.

මෙහි ත්‍යාග ප‍්‍රදානෝත්සවය 2020 ඔක්තෝම්බර් මස 04 මහනුවර, කඳුරට වෙඩි තැබීමේ ක‍්‍රීඩා සමාජයේදී ගරු ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. තවද, මාර්ගසංවර්ධන කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ජාතික රයිෆල් සංගමයේ සභාපති සහ ගුවන් හමුදා වෙඩිතැබීමේ ක‍්‍රීඩා සමාජයේ සභාපති එයාර් කොමඩෝර් ජානක අමරසිංහ මහතාද ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි