සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
6:14pm on Friday 30th October 2020
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා හමුවීම 2020ඔක්තෝම්බර් මස 28 වන දින උදෑසන යුද හමුදා මූලස්ථානයේදී සිදු කළේය.

කෙටි පිළිසඳරකින් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ෂවය අතර සිහිවටන හුවමාරු කර ගන්නා ලදී. එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ධුර කාලය තුළ දී ලුතිනන් ජෙනරාල් ෂවේන්ද‍්‍ර සිල්වා මහතා විසින් ලබා දුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි