ගුවන් හමුදාධිපතිතුමන් වීරවිල ගුවන් හමුදා කඳවුරු පෙර පාසල විවෘත කරයි
4:42pm on Wednesday 4th November 2020
ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අළුතින් ඉදිකරන ලද වීරවිල ගුවන් හමුදා කඳවුරු පෙර පාසල විවෘත කිරීම 2020 නොවැම්බර් මස 01 වන දින සිදු කළේය.

මෙම පෙර පාසල පන්ති කාමර දෙකක්, කාර්යාල කාමරයක්, අසනීප කාමරයක් සහ අංග සම්පූර්ණ එළිමහන් ක‍්‍රීඩා කිරීමේ ස්ථානයකින් සමන්විත වෙයි.

සේවා වනිතා එකකයේ සභාපතිතුමියගේ, සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ සහ වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඉතා සීමිත කාලයකදී මෙම ව්‍යාපෘතිය නිම කරන ලදී. ගුවන් ධාවන පථ ඉදිකිරීමේ පක්‍ෂාංගයේ ෆලයිට් ලෙෆ්ටිනන්ට් ඩබ්ඒකේඑස් වනසිංහ ව්‍යාපෘති ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කරන ලදී.

සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය, කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීටීඑස් සිරිමාන්න, නිලධාරීන් සහ සෙසු නිළයන් සහ පෙර පාසල් ගුරු මහතමීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අනතුරුව 2020 නොවැම්බර් මස 02 වන දිනට යෙදී ඇති ගුවන් හමුදාධිපතිතුමන්ගේ විශ‍්‍රාම යෑම වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සහ කඳවුරු අණදෙන නිළධාරීතුමන් විසින් සමරු සිහිවටන හුවමාර කරගැනිමක්ද සිදුකෙරිණී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි