එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ගුවන් හමුදාධිපතිධුරයෙන් විහ‍්‍රාම යයි
4:46pm on Wednesday 4th November 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ගුවන් හමුාදධිපති ධූරයෙන් විශ‍්‍රාම ගැනීම සහ ගුවන් හමුදාධිපති ධුරය එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හට නිළ වශයෙන් භාරදීම 2020 නොවැම්බර් මස 02 වනදින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

වීහ‍්‍රාම යනගුවන් හමුදාධිපතිතුමන් හට ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් මගින් උත්තමාචාර දැක්වීමක්ද සිදුකරන ලදී. අනතුරුව විහ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් සමස්ථ ගුවන් හමුදාව අවසන් වරට ආමන්ත‍්‍රණය කළේය. අවසානයේදී වීශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඝුවන් හමුදාධිපති දූරය නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් ගුවන් හමුදාධිපති යෂ්ටිය නව ගුවන් හමුදාධිපතිතුමන් හට භාරදීම සිදුකළේය. මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි