වීරවිල ගුවන් හමුදා කඳවුර සුදුහඳුන් පැල සිටුවීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරයි
10:14am on Wednesday 5th May 2021
ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනුව වීරවිල ගුවන් හමුදා කඳවුර මගින් සුදු හඳුන් පැල සිටුවීමේ වැඩසහටනක් 2020 නොවැම්බර් මස 12 වන දින ක‍්‍රියාත්මක කරන ලදී. වීරවිල ගුව්න් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමන් ඇතුළු වීරවිල ගුවන් හමුදා කඳවුරේ කාර්ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලද අතර සම්පත් බැංකුව මගින් මූල්‍ය දායකත්වය සපයන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ කඳවුරු පරිශ්‍රය තුළ සුදු සඳුන් පැල 360 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

මෙම අවස්ථාවට සම්පත් බැංකුවේ (මාතර* ප්‍රාදේශීය කළමනාකරු සම්පත් කුලතුංගේ මහතා සහ සම්පත් බැංකුවේ ප්‍රාදේශීය ශාඛා කළමනාකරුවන්, වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප ්කැප්ටන් තුෂාර සිරිමාන්න, නිලධාරීන්,  සෙසු නිලයන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.

මෙහිදී සම්පත් බැංකුවේ ප‍්‍රාදේශීය කළමණාකරු විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට සම්පත් බැංකුව මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පිළිබඳ සිය ස්තුතිය පළකර සිටින ලද අතර මේ සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු කාර්ය මන්ඩලය විසින් ලබා දුන් සහයෝගයද අගය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි