මධ්‍යම අප‍්‍රිකාවේ ශ‍්‍රී ලංකාගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියෙන් අයි එස් ආර් මෙහෙයුම්ක්
12:36pm on Sunday 16th May 2021

මධ්‍යම අපීකාවේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ‍්‍රී ලංකාගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණිය මගින් 2020 දෙසැම්බර් මස 1 වන දිනි අරාබි මෙසිරියා ජන්ජාවීර් ත‍්‍රස්ථ සංවිදානය මගින් ප‍්‍රහාර එල්ල කොට විනාශ කරන ලද බෝර් මාටාහි කෙචේ ගම්මානයේ අයි එස් ආර් මෙහෙයුමක් දියත් කරනලදී. මෙම ගම්මානය ආස්නතම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා බලඇණයේ සිට කිලෝමීටර් 100 ක පමණ දුරකින් පිහිටි මෙම ගම්මානය වෙත ගොඩබිමින් භට කණ්ඩායම් සඳහා ලඟා වීමට දින තුනක පමණ කාලයක් ගතවෙයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ අංක 62 බලපන්තිය විසින් මද්‍යම අප‍්‍රිකානු ජනරජයේ නැගෙනහිර කොටසේ බෝර්මාටාහි සාමය ස්ථාපිතකිරීම උදෙසා සැම්බියන් විශේෂ බලකායට සහය දැක්වීමක් වශයෙන් මෙම මෙහයෙුම දියත්කරනලධී.

මෙම මෙහෙයුම මගින් අබ්‍යන්තර අවතැන් වූ පුද්ගලයින් 2000 ක් පමණ මුදවා ගනු ලැබූ අතර අංක 62 බලපන්තිය මගින් බුද්ධි, නිරීක්‍ෂණ සහ ආවේක්‍ෂණ ගුවන් යානා 8 ක් සහ ආදේශක ගුවන් යානා 3 ක් මෙම මෙහෙයුම් සඳහා සැම්බියන් හමුදාවන්ට සහය දැක්වීම සඳහා ලබාදෙනලදී. .

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි