ඉන්දීය ගුවන් හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
7:51pm on Monday 17th January 2011
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප් වසන්ත් නායික් මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අතර සුහද හමුවක් අද (2011.01.17) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදි ඉන්දීය ගුවන් හමුදාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා සම්මානමුර පෙළපාළියක්ද පැවැත්විණි. එසේම ගුවන් හමුදා උසස් නිළධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදි ඉන්දීය ගුවන් හමුදාධිපති සමරු සටහනක්ද තැබීම විශේෂත්වයකි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි