ඉන්දීය සාම සාධක ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් කොළඹදී
10:52am on Wednesday 19th January 2011
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප් වසන්ත් නායික් මහතා විසින් කොළඹ පිහිටි ඉන්දීය සාම සාධක ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් 2011 ජනවාරි 17 වන දින පැවැත්විණ.

ඉන්දීය ගුවන් හමුදාධිපතිගේ සිව් දින නිළ සංචාරයේ එක් අංගයක් ලෙස මෙම පුෂ්පෝපහාර උත්සවය සැලකේ.

අප මව්බිම තුල පැවති යුද්ධයේදි ඉන්දීය සාම සාධක හමුදා සෙබළුන් 1000කට අධික ප්‍රමාණයක් දිවි පූජා කර තිබීම සැලකිය යුතු කරුණකි.

මෙම පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් පි.බි.ප්‍රේමචන්ද්‍ර, අධ්‍යක්ෂ ගගන ඉංජිනෙරු එයා කොමදෝරු පි.ඩි.ජෙ. කුමාරසිරි, අධ්‍යක්ෂ විද්‍යුත් හා සංනිවේදන ඉංජිනෙරු එයා කොමදෝරු ආර්.ජේ. පතිරන ඇතුළු තවත් බොහෝ උසස් නිළධාරින් රැසක් ද සහභාගි වීම විශේෂත්වයකි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි