"ගුවන් හමුදා පාපැදි සවාරිය 2011" පළමු අදියර මෙසේ දියත් විය
3:50pm on Thursday 20th January 2011
ගුවන් හමුදා පාපැදි තරඟකරු ඉදිරියෙන්

ගුවන් හමුදා පාපැදි සවාරියේ පලමු අදියර තරඟය 2011.01.19 දින උදෑසන වව්නියා ගුවන් හමුදා කඳවුර අසලින් උත්කර්ශවත් අන්දමින් ආරම්භ වී කදුරුවෙලින් නිමාවට පත් විය. පලමු අදියර තරඟයෙන් ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු දිනේෂ් දනුෂ්ක ප්‍රථම ස්ථානය දි
නා ගත්තේය.

"ගුවන් හමුදා පපැදි සවාරිය 2011" තරඟාවලිය සඳහා 'රේසින් ගණය' යටතේ ක්‍රීඩකයින් 93 දෙනෙකු හා 'ස්ටෑන්ඩඩ් ගණය' යටතේ කණ්ඩායම් 20ක ක්‍රීඩකයින් සහභාගි විය.

මෙම පාපැදි තරඟාවලිය සඳහා සදර්න්, සාම, ස්ට්‍රීට් එරෝ සහ කොලොන්නාව යන පාපැදි සමාජයන්ද, වරාය අධිකාරිය, දෙහිවල නගර සභාව, යුධ හමුදාව, නාවික හමුදාව, පොලිසිය හා ගුවන් හමුදාව නියෝජනය කරමින් අති දක්ෂ පාපැදි තරඟකරුවන් සහභාගි වීම විශේෂත්වයකි.

ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භක සංඥාව වව්නියා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි එයාර් කොමදෝරු කේ.එෆ්.ආර්. පෙරේරා දෙන ලදී. එසේම ස්ටෑන්ඩඩ් පාපැදි තරඟයේ ආරම්භය නියොජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර විසින් ලබා දෙන ලදී. මෙම ස්ටෑන්ඩඩ් පාපැදි තරඟයට වව්නියාව හා අනුරාධපුර ප්‍රදේශයන්හි ආධුනික පාපැදිකරුවන් රැසක් සහභාගි වූහ.

ස්ටෑන්ඩඩ් පාපැදි තරඟාවලිය අනුරාධපුර නගරයෙන් අවසන් විය. එහිදි අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වින් කමාන්ඩර් එච්.යු. ජයවීර විසින් නිමාව සනිටුහන් කළේය.

තරඟකාරි ගුවන් හමුදා පාපැදි සවාරියේ පලමු අදියර තරඟයේ අවසානය සනිටුහන් කිරීමේ සංඥාව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි ගෲප් කපිතාන් ක්ලයිඩ් වීරකෝන් විසින් ලබා දෙන ලදී.

ගුවන් හමුදා පාපැදි සවාරියේ පලමු අදියර      

01. දිනේෂ් දනුෂ්ක - ගුවන් හමුදාව
02. ගයාන් සංජීව - නාවික හමුදාව
03. ජනක විජේසුරිය - යුධ හමුදාව
04. බුද්ධික වර්ණකුලසූරිය - ගුවන් හමුදාව

පලමුවන වේගවත් කඩඉම - තිරප්පනේ

අසංක ප්‍රදීප් කුමාර - යුධ හමුදාව
දිලීප් ප්‍රභාත් - යුධ හමුදාව
ජගත් කුමාර - පොලීසිය
දෙවන වේගවත් කඩඉම - මින්නේරිය
බුද්ධික වර්ණකුලසූරිය - ගුවන් හමුදාව
නවීන් රුචිර - ගුවන් හමුදාව
අසේල සිසිර කුමාර - යුධ හමුදාව

ස්ටෑන්ඩඩ් පාපැදි තරඟයේ ජයග්‍රාහකයින්

ටී. තුරේරාසා රජිත්
බී. ඉරනෝදාස්
එම්. රාජ කුමාර
කේ. ලෝගේෂ්වරන්
ඒ. අජන්ත කුමාර


'රේසින් ගණය'



'ස්ටෑන්ඩඩ් ගණය'



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි