සංචාරක පැසිෆික් කලාපීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක ලේකම්තුමන් සහ අග‍්‍රාමාත්‍යතුමන් හමුවෙයි
10:25am on Saturday 3rd July 2021

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයෙන් ගුවන් හමුදා 70 වෙනි සංවත්සර සැමරුමට සහභාගී වීම  සඳහා දිවයිනට පැමිණි පැසිෆික් කලාපීය ගුවන් හමුදාධිපති ජෙනරල් කෙනෙත් විල්ස්බැච් මහතා 2021 මාර්තු මස 4 වන දින් ගුවන් හමුදා මූලාස්ථානයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය. කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ජානක අමරසිංහ මහතා විසින් එතුමන් ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රය වෙත පිළිගන්න් ලද අතර ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් මගින් උත්තමාචාර දැක්වීමද සිදුකරන ලදී.

පැසිෆික් කලාපීය ගුවන් හමුදාධිපතිතුමන් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර සුහද පිළිසඳරකින් අනතුරුව සංචාරය සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමද සිදුකරන ලද අතර අනතුරුව, සංචාරක ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයද හමුවිය.

අනතුරුවල පැසිෆික් කලාපීය ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශ සහ ජාතික ආරක්‍ෂාව හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය. එතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවට කැඳවාගෙන යාම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදුකරන ලදී.

Commander of the Air Force

Secretary to the Ministry of Defence
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි