ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 05 ප‍්‍රහාරක ගුවන් යානා බලඝණයට හා අංක 06 ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට ජනාධිපති වර්ණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන්
10:29am on Saturday 3rd July 2021
”සුරකිමු ලකඹර” තේමා කර ගනිමින් ශ‍්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව තම  70 වන සංවත්සරය 2021 මාර්තු මස 02 වන දින අභිමානවත්ව සමරන ලදි. දශක 7 ක කාළයක් පුරාවට තම දේශය වෙනුවෙන් සිදුකලා වු අපරිමිත කැපකිරිම වෙනුවෙන් 2021 මාර්තු මස 05 වන දින අංක 05 ප‍්‍රහාරක ගුවන් යානා බලඝනය හා අංක 06 වන ප‍්‍රවාහන හෙලිකොප්ටර්යානා බළඝණය වෙත ජනාධිපති වර්ණ ප‍්‍රධානය කිරිම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකමි ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික* හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් කටුනායක මුලික ගුවන් හමුදා කදවුරේදී අභිමානවත් අයුරින් සිදුවිය.

වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය සිදු විය. වර්ෂ 1972 මැයි මස 22 වන දින ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත්විමත් සමගම රාජකීය ලංකා ගුවන් හමුදාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව බවට පරිවර්ථනය වන ලදී. ලක්මව සුරකින්නට ”සුරකිමු ලකඹර” උදෘත පාඨය කර ගනිමින් පුරා 70 වසරක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මව් බිම වෙනුවෙන් තම මෙහෙවර නිසි අයුරින් ඉටුකරමින් නිරතුරු ලක් අඔර සුරකිමේ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවී සිටී.
 
සේනාධිනායකයානන් විසින් හමුදාවක් වෙත පිරිනමනු ලබන ඉහලම ගෞරව සමිමානය වන ජනාධිපති වර්ණ ප‍්‍රදානය අද දින ගුවන් හමුදා අංක 05 ප‍්‍රහාරක ජෙටි යානා බලඝණයට හා අංක 06   ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට හිමිවිමත් සමග ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13 කින් පිදුමි ලබා ඇත

අංක 05 ප‍්‍රහාරක ජෙටි යානා බලඝණය

1991 පෙබරවාරි මස 01 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද අංක 05 ප‍්‍රහාරක ජෙටි යානා බලඝණයේ පළමු අණදෙන නිළධාරි ලෙස හිටපු ගුවන් හමුදාධිපති එයාර් චිෆ් මාර්ෂල් හර්ෂ අබෙිවික‍්‍රම එවකට ස්කොඩිරන් ලීඩර් හර්ෂ අබෙිවික‍්‍රම නිළධාරි තුමන් කටයුතු කරනු ලැබිය. මෙම බලඝණය චීනයේ නිෂ්පාදිත එෆ්-7 ප‍්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත වන අතර ..රුපු බල සිදිනෙමු ගුවනත.. උදෘත පාඨය කර ගනිමින් ප‍්‍රහාරක ගුවන් නියමුවන්ගේ පරිවර්තන පුහුණු කිරීම් සමග ගොඩබිම් හමුදාවන්ට යුධ බිමේ ශක්තියක් වනු පිණිස යුධ ගුවන් ප‍්‍රහාර, ගුවන් ප‍්‍රහාර, ගුවන් මුර සංචාර සහ සන්නද්ධ නිරික්ෂණ කාර්යයන් සඳහා සිය දායකත්වය ලබාදෙන ලදිි.

මෙම බලඝණය විසින් තිස්වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරීමට සෘජු දායකත්වය ලබා දුන් අතර මානුෂීය මෙහෙයුම අවසන් වන තෙක්ම ගුවන් ආරක්‍ෂණ මෙහෙයුම් සහ ගොඩබිම් ප‍්‍රහාරක මෙහෙයුම් සදහා සකි‍්‍රය දායකත්වය දක්වන ලදි.

අංක 05 ප‍්‍රහාරක ජෙටි යානා බලඝණය වසර 29 පුරාවට සිදුකළාවු සුවිශේෂි මෙහෙවර ඇගයිමට ලක් කරමින් අතිගරු ජනාධිපති තුමන් විසින් අද දින මෙම ජනාධිපති වර්ණ ප‍්‍රදානය ගුවන් හමුදා අංක 5 ප‍්‍රහාරක ජෙටි යානා බලඝණයේ වත්මන් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් රෝෂාන් පෙරේරා වෙත සිදු කරන ලදි.


අංක 06 ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණය
 
1993 මාර්තු මස 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරනු ලැබු අංක 06 බලඝණයේ පළමු අණදෙන නිළධාරි ලෙස හිටපු ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල එවකට ස්කොඩිරන් ලිඩර් ගගන් බුලත්සිංහල නිළධාරි තුමන් කටයුතු කරනු ලැබිය. මෙම බලඝණයේ මෙහෙයුම් අවශ්‍යතාවයන්ගේ ඉහළ යාමත් සමග 2007 වර්ෂයේදී අනුරාධපුර මුලික ගුවන් හමුදා කඳවුර වෙත රැුගෙන එන ලදි. රුසියාවේ නිෂ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්ගෙන් සමන්විත වන මෙම බලඝණය ..ගගන ගැබ ගජ බලය පතුරවමු.. යන්න උදෘත පාඨය කර ගනිමින්   උතුරු, නැගෙනහිර යුධ භූමියේ සිදු කරන ලද සියළුම මෙහෙයුම් අතරතුර තුවාල ලත් සෙබළුන් ප‍්‍රවාහනය කිරීමේ මෙහෙයුම් සිදුකරමින් දස දහස් ගණනක් වූ සොල්දාදුවන්ගේ ජීවිතද බේරාගැනීමට සෘජු දායකත්වය දක්වන ලදි.

මෙම හෙලිකොප්ටර් යානා මගින් හදිසි වෛද්‍යාධාර ප‍්‍රවාහනය, ගිනි නිවීමේ කටයුතු, ගොඩබිමින් ගෙන යානොහැකි අධික බරකින් සහ විශාලත්වයකින් යුතු උපකරණ ගුවන් මගින් ප‍්‍රවාහනය කිරීම, ස්වභාවික ආපදාවන්හිදී ආධාර මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීම, කැලෑ සහ මුහුදු ගලවා ගැනීමේ මෙහෙයුම්, උපායශීලී නිරික්ෂණ මෙහෙයුම් 2004 වර්ෂයේ ඇතිවූ සුනාමි ව්‍යසනයේදී සහ 2017 වර්ෂයේ ඇතිවූ ගංවතරු ආපදා තත්වයන්හිදී ද සිදු කරන ලද මෙහෙයුමි ආදි සුවිශේෂි මෙහෙයුමි රාශියක් සදහා   දායකත්වය සපයන ලදි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ අංක 62 බලපන්තිය සහ දකුණු සුඩානයේ 63 බලපන්තිය ස්ථාපිත කරමින් විදේශයන්හි සිය ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යන පළමු ශි‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් බලඝණය බවට මෙම බලඝණය පත්ව ඇත. මෙම බලඝණය විසින් ප‍්‍රභූ ප‍්‍රවාහන රාජකාරි සදහාද සක‍්‍රිය දායකත්වයක් ලබා දෙනු ලබයි.

මෙම අංක 06 ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණය වසර 26 පුරාවට සිදුකළාවු සුවිශේෂි මෙහෙවර ඇගයිමට ලක් කරමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් අද දින  ජානාධිපති වර්ණ ප‍්‍රධානය ගුවන් හමුදා අංක 06 ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයේ වත්මන් අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ප‍්‍රියමාල් ප‍්‍රනාන්දු නිළධාරි තුමන් වෙත සිදු කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි