22 වන ගුවන් හමුදා පාපැදි සවාරිය කටුනායකදී නිමාවෙයි
5:04pm on Monday 12th July 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවර ගුවන් හමුදා 70 වෙනි සංවත්සරයට සමගාමීව2021 මාර්තු මස 07 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වූ අතර කටුනයාක ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටින් අවසන් විය.  22 වන වරට පැවැත්වූ මෙවර තරග’ාවළීය එක් අදියරකින් සමන්විත වූ අතර එහි ජයග‍්‍රහණය වරාය අධීකාරියේ සොනාල් ඩි සිල්වා විසින් දිනාගන්නා ලදී. එහි දෙවන සහ තෙවන ස්ථානයන් පිළිවෙළින් වරාය අධිකාරියේ චමෝද් ඩි සිල්වා සහ නාවික හමුදාවේ ප‍්‍රභාත් මධුශංක විසින් දිනා ගන්නා ලදී. සමස්ථ පිරිමි තරග’යේ කණ්ඩායම් ශූරතාවය දිනා ගැනීමටද වරාය අධිකාරී කණ්ඩායම සමත්වූහහ.

කාන්තා තරග’යේ ජයග‍්‍රහණය යුධ හමුදාවේ උදේශිනී නිරංජනී විසින් දිනා ගනු ලැබූවාය. එහි දෙවන තෙවන ස්ථාන පිළිවෙලින් ගුවන් හමුදාවේ පංචාලි සුලෝචනා සහ ගුවන ්හමුදාවේම දිනේෂා දිල්රුක්‍සි විසින් දිනාගන්නා ලදී. එහි කණ්ඩායම් ශූරතාවය යුධ හමුදා කණ්ඩායම විසින් හිමිකරගත්හ.

තරග’ාවළියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය එදින සන්ද්‍යාවේ කටුනායක ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී පැවැත්විණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

Men's Race

Women's Race

Awards Ceremony
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි