ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ධජ සඳහා අශිර්වාද කිරීමේ පූජෝත්සවය
5:12pm on Monday 12th July 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ධජ සඳහා අශිර්වාද කිරීමේ පූජෝත්සවය මෙවර අනුරාධපුර ජයශ‍්‍රීමා බෝ සමිදුන් අභියසදී පසුගිය මාර්තු මස 10 දින ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ගුවන් හමුදා ධජ වර්ණවත් පෙරහරකින් උඩ මළුවවෙත රැුගෙනගිය අතර උඩ මළුවවේදී මහා සංඝ රත්නය විසින් ආශිර්වාද කිරීම සිදුකරන ලදී. මෙම පූජෝත්සවය ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුර විසින් සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩළ නිළධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිසු නිළයින් රැසක්ද එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි