ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර මහනුවරින් අවසන්
9:59am on Friday 21st January 2011
"ගුවන් හමුදා පාපැදි සවාරිය 2011" දෙවන අදියර තරඟය 20 ජනවාරි දින මේජර් ජෙනරාල් බොනිෆේෂ් ප්‍රනාන්දුගේ ආරම්භක ධජ සංඥාවත් සමගම මින්නේරියෙන් ආරම්භ වී මහනුවරින් සාර්ථකව නිමාවට පත් විය.

පාපැදි තරඟයේ පලමුවන වේගවත් කඩඉම පසු කිරීමේදි ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ, යුධ හමුදාවේ ගයාන් කුමාර සහ ලක්ෂ්මන් විජේරත්න පිලිවෙලින් පලවන්, දෙවන, තෙවන ස්ථානයන් හිමි කර ගැනීමට සමත් වූහ.

ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ පළමුවන කඩඉම පසු කිරීමේදි විනාඩි 1.30ක කාල පරාසයකින් සෙසු තරඟකරුවන් පසු කරමින් මාතලේ නගරයට ළඟා වීම සිත් ගන්නා සුළු විය.

කෙසේ වෙතත් අද දින පොලිස් පාපැදිකරු වන සුදීර නිලංග "කඳු වීරයා" ලෙස පත් වෙමින් බලකඩුව සන්ධිස්ථානය පසු කිරීමට සමත් විය. තවද නාවික හමුදාවේ හේමන්ත කුමාර දෙවන ස්ථානය, සිසිර ගටමුක යුධ හමුදාව නියෝජනය කරමින් තෙවන ස්ථානයටද පත් වූහ.

මීට සුළු මොහොතකට පෙර ගුවන් හමුදා 60වන් සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදා පපැදි සවාරියේ දෙවන අදියර ජයග්‍රාහකයින් ලෙස පත් වූවන් වන්නේ,

ජනක හේමන්ත - නාවික හමුදාව
සුවාරිස් ප්‍රේමචන්ද්‍ර - ඩි.එම්.සි.සි
සුදීර නිලංග - පොලිස්

අදියර දෙකක් අවසානයේ සමස්ථ ප්‍රතිඵල

පළමුවන ස්ථානය  - දිනේෂ් දනුෂ්ක (ගුවන් හමුදාව)- 5:38:16
දෙවන ස්ථානය     - හේමන්ත කුමාර (නාවික හමුදාව)- 5:38:25
තෙවන ස්ථානය    - සුවාරිස් ප්‍රේමචන්ද්‍ර (ඩි.එම්.සි.සි)- 5:38:27
සිව්වන ස්ථානය    - බුද්ධික වර්ණකුලසුරීය (ගුවන් හමුදාව)- 5:38:28
පස්වන ස්ථානය    - සුදීර නිලංග (පොලිස්)- 5:38:39




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි