12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
12:01pm on Monday 9th August 2021
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය යටතේ 12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය කොවිඩ් -19 වසංගතය සම්බන්ධයෙන් රටේ පවතින වාතාවරණය යටතේ වුවද රණවිරු සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ අය කළ අසමසම කැපකිරීම සිහිපත් කිරීම සඳහා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්විණි.

අතිගරු ජනාධිපතිතුමාගේ ආගමනයෙන් ඉක්බිතිව ජාතික ගීය වාදනය කරන ලද අතර උත්තරීතර පූජාව සිදු කළ සැමට ගෞරවයක් වශයෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි. අනතුරුව පිළිගැනීමේ කතාව රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් සිදුකිරිමෙන් පසුව රණවිරු සැමරුම් ප්‍රකාශය ප්‍රකාශයට පත් කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 ප්‍රභූ බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසේල කුරුවිටගේ නායකත්වයෙන් යුත් බෙල් 412 හෙලිකොප්ටර් යානා අඩි 90 ක් උස ස්මාරකය හරහා පියාසර කරමින් ස්මාරක භූමිය වෙත මල් පෙති හෙලමින් මියගිය විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ ආරම්භය සංකේතවත් කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි