ජාතික පැසිපංදු අනු ශූරතාවය ගුවන් හමුදාවට
7:22pm on Tuesday 25th January 2011
පසුගිය දා (21) කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩංගනයේ  පැවති ජාතික පැසිපංදු තරගාවලියේ අනු ශූරථාවය දිනා ගැනීමට ගුවන් හමුදා පැසි පංදු කණ්ඩායම සමත් විය.වසර 23 පසුව අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීම මෙහි ඇති විශේෂත්වයකි.

පිරිමි අංශයේ ශූරත්හවය සදහා ගුවන් හමුදා කණ්ඩායම හා වෙළද කණ්ඩායම තරග වැදුණු අතර තියුණු තරගයකින් පසුව ගුවන් හමුදා කන්ඩායම පරදා වෙළද කණ්ඩායම ශූරතාවයට හිමිකම් කියූ අතර අනු ශූරතාවය ගුවන් හමුදාව සතු විය.

වෙළද හා නාවික හමුදා ක්‍රීඩිකාවන් හමුවේ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩීකාවන් සමත් විය.

සංස්කෘතික කටයුතු හා සෞන්දර්ය අමාත්‍ය ගරු ටී බී ඒකනායක මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි