ජාතික රුධිර පාරවිලයන සේවාව සඳහා ගුවන් හමුදාවේ දායකත්වය
8:11am on Tuesday 21st September 2021
ගුවන් හමුදා පලවි කඳවුර 2021 ජුනි 08 වන දින පුත්තලම ලේ බැංකුව සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක් පැවැත්වීය. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සී ජේ ගොඩකන්දගේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලැබීය.

රට තුළ පවතින වසංගත තත්ත්වය තුළ රුධිර නිෂ්පාදන සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් පුත්තලම ලේ බැංකුව සඳහා රුධිරය පරිත්‍යාග කිරීම මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ විය. මෙම අවස්ථාව සඳහා පලවි ගුවන් හමුදා කඳවුරේ නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ. කොවිඩ් 19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම වැඩසටහන පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි