ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා කොවිඩ් 19 එන්නත පිළිබඳ තොරතුරු ඇතුලත් QR කේතයක් හදුන්වා දෙයි
2:40pm on Wednesday 6th October 2021
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂකවරයාගේ උපදෙස් පරිදි රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 1 තොරතුරු තාක්‍ෂණ අංශය විසින් කොවිඩ් -19 එන්නත පිළිබඳ තොරතුරු ඇතුලත් QR කේතයක් ගුවන් හමුදාවේ සියලුම එන්නත් කරුවන් සඳහා භාවිතා කිරිමට සකස් කරන ලදී.

මෙම අද්විතීය QR කේත පද්ධතිය හඳුන්වා දීමේ උත්සවය අද ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ගුවන් හමුදාධිපති, මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩල සාමාජිකයින්, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂ, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින්ගේ සහ රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්‍ෂණ අංශයේ ව්‍යාපෘති කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම QR කේතය මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ට ඔවුන්ගේ රැකියා තොරතුරු, එන්නත් කිරීමේ වෙළඳ නාමය ඇතුළු එන්නත් කිරීමේ තොරතුරු, 1 වන සහ 2 වන මාත්‍රාවන් ලබා ගත් දිනයන් ලබා දීමට හැකි වේ. මෙහි පළමු පිටපත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් අරෝෂ විතාන විසින් ගුවන් හමුදාපතිතුමන් වෙත පිරිනමන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි