අංක 30 ආපදා කළමනාකරණ පළමු ප්‍රතිචාර දැක්විමේ පාඨමාලාව සදහා සහතික පත් ප්‍රදානය කෙරේ
2:51pm on Wednesday 6th October 2021
අංක 30 ආපදා කළමනාකරණ පළමු ප්‍රතිචාර දැක්විමේ පාඨමාලාව සදහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (2021 ජූනි 12) මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒඩීආර් ලියනආරච්චිගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර කොවිඩ් -19 වැළැක්විමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව උත්සවය සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් සීමිත සංඛ්‍යාවක් සහභාගි විය.

මෙම පාඨමාලාව සදහා නිලධාරින් තිදෙනෙකු (03) සහ සෙසු නිලයින් තිස් නව දෙනෙකු (39) සහභාගි වි සිටි අතර පුහුණුව ලැබූ හතලිස් දෙදෙනෙකු (42) සහතික පත්‍ර ලබා ගත්හ. මෙම පුහුණු පාඨමාලාව මුලතිව් ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්ඩීඩීජේ රණසිංහගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි. පාඨමාලාවේ හොඳම ආපදා කළමනාකරු සහ හොඳම ඉදිරිපත් කරන්නා සඳහා වූ කුසලාන පිළිවෙලින් ලුතිනන් කේපීඑන් කුමාර (ශ්‍රී ලංකා නාවික හමුදාව) සහ ගුවන් භට හිත්තරගෙදර එච්එස්ඩී සඳහා පිරිනමන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි