ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිහින්තලේ මහා සෑ රදුන් වර්ණ ගැන්වීම සිදු කරයි
3:11pm on Wednesday 6th October 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිහින්තලේ මහා සෑ රදුන් වර්ණ ගැන්වීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදි.

වර්ණ ගැන්වීම් සිදු කළ මිහින්තලේ මහා සෑ රදුන්,  මිහින්තලේ රජ මහා විහාරයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වලවාහේන්ගමුවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වෙත චාරිත්‍රානුකූලව ගුවන් හමුදාධිපති තුමන් විසින් ඊයේ (2021 ජුනි මස 24) දින භාර දීම සිදු කරන ලදි.

මේ පුණ්‍ය කටයුත්ත සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරු අණදෙන නිළධාරී තුමා ඇතුලු ව්‍යාපෘතිය සඳහා සමිබන්ද වී ක්‍රියා කල ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටි අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ කොවිඩ් වැළැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි