ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණ මධ්‍යස්ථාන ස්ථාපනය කෙරේ
9:21am on Thursday 14th October 2021
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය ශ්‍රී ලංකා රජය විසින් දැඩි කිරීමත් සමඟම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එන්නත් මධ්‍යස්ථාන හතරක් (04) ඊයේ දින (2021 ජූලි 05) ආරම්භ කළේය.

එහිදී පහත සඳහන් එන්නත් මධ්‍යස්ථාන ස්ථාපිත කර සාමාන්‍ය ජනතාව එන්නත් කිරීම ආරම්භ කරන ලදී.

           බොරැල්ල, තනියාගම දෙමළ විද්‍යාලයල (කොළඹ කඳවුර මගින් ක‍්‍රියාත්මක කරයි)
           කටුනායක මේජර් රාජ් ප්‍රනාන්දු පිටිය (කටුනායක කඳවුර මඟින් ක‍්‍රියාත්මක කරයි)
           කටුනායක ගුවන් හමුදා කඳවුරේ උප ආරක්ෂක මැදිරිය ඉදිරිපිටදී (කටුනායක කඳවුර               මඟින් ක‍්‍රියාත්මක කරයි)
           ඒකල, දඹුව බෝධිරුක්ඛාරාම විහාරස්ථානය (ඒකල කඳවුර මඟින් ක‍්‍රියාත්මක කරයි)

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා බොරැල්ලේ පිහිටි, කොළඹ ගුවන් හමුදා කඳවුර මඟින් පවත්වාගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී කොවිඩ් -19 එන්නත සාමාන්‍ය ජනතාවට ලබා දීමේ ක‍්‍රීයා පටිපාටිය හා එන්නත් තහවුරු කිරීමේ පද්ධතිය දත්ත ඇතුළත් කිරීම නිරීක්ෂණය කරන ලදී.

Colombo

Katunayake

Ratmalana

Ekala
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි