ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර 2021
9:54am on Friday 22nd October 2021
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය 2021 ජුලි මස 15 වන දින පවත්වන ලදී.

කටුනායක ගුවන් හමුදා  කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයුපී රාජපක්ෂ විසින් අණදෙන ලැබු පෙළපාළිය  ගුවන් හමුදාධිපතිතුමන් නිරීක්ෂණය කරන ලදී.පෙළපාලිය අතරතුර බලපන්ති සැරයන් වරුන් 04 දෙනෙකුට,කණිෂ්ඨ අණ නොලත් නිළධාරීවරයෙකුට සහ නායක ගුවන් භටයින් 03 දෙනෙකු හට ඔවුන් ඉටුකරන ලද කාර්ය්‍යන් වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනමන ලදී.

බලපන්ති සැරයන් සංජීව ආර්එම්එස්
බලපන්ති සැරයන් දසනායක ඩීඑම්පීඑම්
බලපන්ති සැරයන් වීරසිංහ ඩබ්ලිව්ඩීයුඑන්
බලපන්ති සැරයන් සිරිවර්ධන ඩබ්ලිව්ඒරස්
කෝප්‍රල් ජයසිංහ ජේඑම්සීඑස්
නායක ගුවන් භට ජයරත්න ඩබ්ලිව්එන්
නායක ගුවන් භට අතුල එච්බී
නායක ගුවන් භට සෙනවිරත්න එන්ජීඅයිආර්

පරීක්‍ෂණය අතරතුර ගුවන් හමුදාධිපති තුමන් විසින් කඳවුරේ සියලුම ප්‍රදේශ නිරීක්ෂනය කළ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ අලුතින් ඉදිකරන ලද නිවාඩු නිකේතනය සහ අවිආයුධ අලුත්වැඩියා සහ ප‍්‍රතිසංස්කරණ කිරිමේ පක්‍ෂාංගය  විවෘත කරන ලදී

අවසාන වශයෙන් ගුවන් හමුදාධිපති තුමන්  කඳවුරේ සියලුම පිරිස් ඇමතූ අතර එහිදී අපේ රටේ විශාලතම ගුවන් කඳවුර සුවිශේෂී ලෙස ඉහළ ප්‍රමිතියකට පවත්වාගෙන යාමට ඔවුන් දැරූ වෙහෙස වෙනුවෙන් සිය ස්තූතිය පුදකල අතර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති සීමා කිරීම් වලට අනුකූලව මෙම පරීක්‍ෂණය සිදු කෙරිණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි