මීරිගම ගුවන් හමුදා කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්
10:02am on Friday 22nd October 2021
මීරිගම ගුවන් හමුදා කඳවුරු නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීමේ හා වැඩ භාර දීමේ පෙළපාලිය 2021 ජූලි මස 22 වන දින පැවැත්වුනු අතර, මෙහිදී ගෲප් කැප්ටන් කේ.ඒ.පී.එස් කුරුවිට විසින්  නව අණදෙන නිළධාරී ලෙස පත්වන ගෲප් කැප්ටන් එස්.ඒ.පී.ටී පියරත්න වෙත වැඩ භාර දීම සිදු කරන ලදි.

ගෲප් කැප්ටන් එස්.ඒ.පී.ටී පියරත්න මීරිගම ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී ලෙස පත් වීමට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 02 ප‍්‍රවාහන බළඝනයේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කළ අතර ගෲප් කැප්ටන් කේ.ඒ.පී.එස් කුරුවිට හිගරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි