හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්
10:04am on Friday 22nd October 2021
හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීමේ හා වැඩ භාර දීමේ පෙළපාලිය අද දින (2021 ජූලි මස 26) පැවැත්වුනු අතර, මෙහිදී ගෲප් කැප්ටන් එස්.ඞී ජයවීර විසින් නව අණදෙන නිළධාරී ලෙස පත් වන ගෲප් කැප්ටන් කේ.ඒ.පී.එස් කුරුවිට වෙත වැඩ භාර දීම සිදු කරන ලදි.

ගෲප් කැප්ටන් කේ.ඒ.පී.එස් කුරුවිට හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු නව අණදෙන නිළධාරී ලෙස පත් වීමට පෙර මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කළ අතර, ගෲප් කැප්ටන් එස්.ඞී ජයවීර පුහුණු පාඨමාලාවක් සඳහා සම්බන්ධ වීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි