ගුවන්යානා ඉංජිනේරු ආධාරක පක්ෂාංගයට නව අණදෙන නිළධාරීවරයෙක්
10:08am on Friday 22nd October 2021
රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන්යානා ඉංජිනේරු ආධාරක පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීමේ හා වැඩ භාර දීමේ පෙළපාලිය අද දින (2021 ජූලි මස 28) පැවැත්වුනු අතර, මෙහිදී ගෲප් කැප්ටන් එස් විතාරණ විසින් නව අණදෙන නිළධාරී ලෙස පත් වන ගෲප් කැප්ටන් යූ.සී.ජේ පියසේන වෙත පක්ෂාංගයේ 06 වන අණදෙන නිළධාරීවරයා ලෙස වැඩ භාර දීම සිදු කරන ලදි.

ගෲප් කැප්ටන් යූ.සී.ජේ පියසේන ගුවන්යානා ඉංජිනේරු ආධාරක පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී ලෙස පත් වීමට පෙර රුසියාවේ මොස්කව්හි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස  කටයුතු කළ අතර, පුරා වසර 32 කට අධික කාල සීමාවක් ගුවන් හමුදාව වෙනුවෙන් හා රට වෙනුවෙන් සේවය කළ ගෲප් කැප්ටන් එස් විතාරණ විශ‍්‍රාම පූර්ව නිවාඩු යාමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි