අංක 67 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය
10:13am on Friday 22nd October 2021
අංක 67 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2021 ජූලි මස 30 වන අද දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ජේපී බාලසුරිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සති 14 ක් පුරාවට පැවැත්වුනු අතර නිලධාරීන් 31 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ නිළධාරින් 29 දෙනෙකු සහ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නිළධාරීන් දෙදෙනෙක්ද මෙම පාඨමාලාව සදහා සහභාගී වූහ.

නිරෝධායනය සම්පූර්ණ කරමින් සති දෙකක ඊ-අධ්‍යාපන ක‍්‍රමවේදයක් යටතේ පැවැත්වූ මෙම පාඨමාලාව නැවතත් 05 වන සතියේ සිට සති දෙකක කාලයක් ඊ-ඉගෙනීම යටතේ සිදුකරන ලදී.මෙම පාඨමාලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව සිදුකරණ ලද අතර මෙහි විශිෂ්ඨ දස්කම් දක්වන නිළධාරීන් උදෙසා ආරක්ෂක කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් පිරිනැමීමට කටයුතු කරනු ලැබේ.

මෙම අවස්ථාව අමතමින් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී තුමන් ප‍්‍රකාශකර සිටියේ  ගුවන් හමුදාවට සහ ජාතික ආරක්ෂාව පිළිබඳ වඩා හොඳ දැනුමක් ලබා ගැනීමේ අරමුණෙහි ඇති වැදගත් බව අවධාරණය කලේය.

මෙහිදී ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ තුමන් අතින් නිළධාරීන් 31 දෙනෙකු සහතික පත් ලබාගත් අතර උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය සඳහා ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.

BEST ALL ROUND OFFICER
Squadron Leader LPS Aravinda (General Duties Pilot)

BEST NON SLAF ALL ROUND OFFICER
Lieutenant Commander WASR Wickramasinghe (SL Navy)

BEST STUDENT IN ACADEMICS
Squadron Leader HANM Gunarathne (General Duties Pilot)

BEST LITERATURE REVIEW
Squadron Leader WADNT Jayamanna (Aeronautical and General Engineering)

BEST PUBLIC SPEAKER
Squadron Leader IC Ipalawaththage (Regiment)

BEST SPORTSMAN
Squadron Leader WADNT Jayamanna (Aero and Gen Eng)

BEST IN MANAGEMENT STUDIES
Squadron Leader LPS Aravinda (General Duties Pilot)

EXCELLENCE IN AIR POWER STUDIES
Squadron Leader LPS Aravinda (General Duties Pilot)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි